තොරණ-කූඩු-දන්සැල් කමක්නෑලු

තොරණ-කූඩු-දන්සැල් කමක්නෑලු

May 16, 2013   02:12 pm

වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ජනතා ප්‍රදර්ශනය සහ දන්සැල් දීම සිදු නොකළ යුතු බවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සිදුකළ දැනුම්දීම වෙනස් කර තිබේ.

වෙසක් පොහොය දිනයේ තොරණ, දන්සැල් සහ භක්තිගීත ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බව යළි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසයි.

එම කටයුතු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලෙස ද අමාත්‍යංශය දැනුම්දෙයි.

කෙසේ වෙතත් අද (16) පෙරවරුවේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බී දිසානායක මහතාගේ අත්සනින් යුතු නිවේදනයක සඳහන් වූයේ වෙසක් තොරණ, පහන් කූඩු ජනතා ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු පොහොය දිනයට පසු දින සිට පමණක් සිදුකළ යුතු බවයි.