ඩෙංගු අවදානම් කලාපවල කීටවිද්‍යා සමීක්ෂණයක්

ඩෙංගු අවදානම් කලාපවල කීටවිද්‍යා සමීක්ෂණයක්

May 13, 2013   08:29 am

ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශවල විශේෂ කීටවිද්‍යා සමීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව කීට විද්‍යා සහකාර පුහුණූ පාසලේ විදුහල්පති නජිත් සුමනසේන මහතා පවසයි.

එම සමීක්ෂණ කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව හෙතෙම පෙන්වාදෙයි.

ඩෙංගු අවදානම් කලාප 50 ක් හඳුනාගෙන එම ප්‍රදේශවල මෙම සමීක්ෂණය සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ලබන නොවැම්බර් මාසය වන විට මෙම සමීක්ෂණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.