අනුරාධපුර වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක්
May 2, 2013 08:34 am
අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරුන් අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ හෙද සේවකයෙකු බලහත්කාරයෙන් රෝහල තුළ රැඳී සිටීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
රෝහලේ ශල්‍යාගාරයක හෙද සේවකයෙකු විනය චෝදනාවකට ලක්ව මේ වන විට ස්ථාන මාරුවක් ලබා සිටියි.
එහෙත් ඔහු බලහත්කාරයෙන් තවදුරටත් රෝහල තුළ රැඳී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය අසංක රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අද දිනය තුළ රෝහලේ සියලුම වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට සහභාගී වුව ද හදිසි සේවා කටයුතු සහ විශේෂ සායන කටයුතු සිදු කරන බව අසංක රාජපක්ෂ මහතා අද දෙරණට කියා සිටියේය.
අදාළ ගැටලුවට අද දිනය තුළ විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.