විෂබීජය බීජය

විෂබීජය බීජය "ඉන්ෆ්ලුවන්සා ඒ"

April 25, 2013   07:45 am

කොළඹ, කාසල් වීදිය, කාන්තා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ පැතිර තිබූ විෂ බීජය "ඉන්ෆ්ලුවන්සා ඒ" වෛරසය බව හඳුනාගෙන තිබේ.

මෙම වෛරසය දුර්ලභ ඝණයේ වෛරසයක් නොවන අතර එය වසරකට කිහිපවරක් වාර්තා වන බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය.

උණ සන්නිපාතය වැළඳුණු කාන්තාවක් මියයාමත් සමග රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගනු ලැබීය.

ඒ අනුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මැදිහත්වීමෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත් වූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම විෂ බීජය "ඉන්ෆ්ලුවෙන්සා ඒ" වෛරසය බවය.

මේ වන විටත් වෛද්‍ය පර්යේෂණ ආයතනය හා වසංගත රෝග විද්‍යා අංශය එක්ව කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකය නිරෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාතංශ්‍ය සඳහන් කළේය.

දරු ප්‍රසූතියට ආසන්න ගැබිණි මවුවරුන්ගේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පවතින හෙයින් එවැනි මවුවරුන්ට මෙම වෛරසය ආසාදනය වීමෙන් දැඩි බලපෑම් එල්ල වන බව වෛද්‍ය අනිල් සමරනායක මහතා පැවසීය.