වන අලි පහර අයෙක්ට මරු කැඳවයි

වන අලි පහර අයෙක්ට මරු කැඳවයි

March 28, 2013   09:38 am

වන අලියෙකු පහරදීමෙන් හම්බෙගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ රාත්‍රී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බව හම්බෙගමුව පොලීසිය සඳහන් කළේය.

යතුරුපැදියේ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර එක් පුද්ගලයෙකු දිවගොස් දිවි ගලවාගෙන තිබේ.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ 23 හැවිරිදි හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.