පාතාල සාමාජිකයෙක් ඝාතනය කෙරෙයි

පාතාල සාමාජිකයෙක් ඝාතනය කෙරෙයි

February 28, 2013   12:10 am

වීරකැටිය, වකාමුල්ල පුදේශයේ දී පාතාල කල්ලියක සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

කේ.උදයශාන්ත හෙවත් දැදිගම උක්කුං යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම පුද්ගලයාට ඊයේ (27) පස්වරුවේ මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඝාතන සිදුවීම් කිහිපයකට සම්බන්ධ බව කියන අදාළ පුද්ගලයා නිවසක රැඳී සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.