රජයේ තීරණයට පැසසුම්

රජයේ තීරණයට පැසසුම්

February 27, 2013   08:05 am

දුම්වැටි ආවරණවල රූපමය අවවාද අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සමුළුවේ සහය පළවී තිබේ.

එම සමුළුවට සහභාගී වූ තායිලන්ත නියෝජිතයා ද ශ්‍රී ලංකාවේ මෙම තීරණය අගය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දුම්වැටි ආවරණවල රූපමය අවවාද පිළිබඳ මෙතෙක් පෙරමුණ ගෙන සිටි තායිලන්තය අභිබවා ශ්‍රී ලංකා රජය ඉදිරියෙන් සිටීම සම්බන්ධයෙන් එම නියෝජිතයාගේ පැසසුමට ලක්ව ඇති බව සඳහන්ය.

මේ පිළිබද අදාළ සමුළුවට සහභාගී වූ සෙසු නියෝජිතයින්ගේ ද ප්‍රශංසාව පළ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.