නවිපිල්ලෙයි දෙහිකපයි

නවිපිල්ලෙයි දෙහිකපයි

February 26, 2013   09:36 am

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම්වල දී මානව හිමිකම් උල්ලංඝණය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 22 වන සැසි වාරය ජිනිවා නුවර දී ඊයේ (25) ආරම්භ වු අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳව ඇය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවාය.

ඒ අනුව රුවන්ඩාව, බොස්නියාව, පලස්තීන ප‍්‍රදේශ, කොංගෝව, මාලි, සුඩානය සහ සිරියාව ද විවේචනයට ලක් කර ඇති අතර, ඉරාකයේ සහ ශ‍්‍රී ලංකාවේ බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදුව ඇති බවට ඇය විසින් චෝදනා කරන ලදී.