හිමිනම ඝාතන සැකකරුවන්ගේ මළ සිරුරු හමුවෙයි

හිමිනම ඝාතන සැකකරුවන්ගේ මළ සිරුරු හමුවෙයි

February 4, 2013   08:20 am

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමිනම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු බණ්ඩාරගම, දැල්කඩ පුදේශයේ තිබී හමුවී ඇත.

එම සැකකරුවන් දෙදෙනා වෙඩි වැදී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

විහාරස්ථානයට අයත් ඉඩමක අනවසරයෙන් පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනකු සහ විහාරාධිපති හිමිනම අතර කලක සිට ඒ සම්බන්ධයෙන් ආරවුලක් පැවති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ආරවුල සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පවරා ඇති අතර විහාරාධිපති හිමිනම ඊයේ (03) දිනයේ දී ද මොරටුව පොලීසියට ඉඩම් ආරවුල පිළිබඳ යළි පැමිණිලි කර තිබේ.

ඊයේ රාත‍්‍රී 9.30 ට පමණ විහාරස්ථාන භූමියේ දී අදාළ හිමි නම ඝාතනය කර තිබූ අතර සිද්ධියෙන් පසු කළහකාරී ලෙස හැසිරුණු පිරිස් විහාරස්ථානයට යාබද නිවාස කිහිපයකට හානි සිදුකර ඇත.