මෘදුකාංග කර්මාන්තයේ ප්‍රථම ත්‍රෛභාෂික වෙබ් අඩවිය එළිදකියි
October 24, 2012 09:00 am
ජංගම දුරකතන මෘදුකාංග නිපැයුම්කරණයේ පුරෝගාමියෙකු වන භාෂා ලංකා (පුද්) සමාගම විසින් ශ්‍රී ලාංකේය මෘදුකාංග කර්මාන්තයේ ප්‍රථම ත්‍රෛභාෂික වෙබ් අඩවිය එළි දක්වා තිබේ. පසුගිය සතියේ යෙදුණු එම සමාගමේ පළමු වර්ෂ පූර්ණය නිමිත්තෙන් එළිදක්වා ඇති www.bhasha.lk යන මෙම වෙබ් අඩවිය හරහා සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඔවුන්ගේ නිපැයුම් පිළිබඳ තොරතුරු ලබාගත හැක.
දේශීය භාෂා සඳහා සහය දක්වන ජංගම දුරකතන මෘදුකාංග නිර්මාණයට සහ දේශීයකරණ සේවාවන් සැපයීම සඳහා කැපවී සිටින මෙම සමාගම පසුගිය වර්ෂය තුළ ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන ගණනාවකට හිමිකම් කිවේය. අද දෙරණ පුවත් සිංහලෙන් සහ දෙමළෙන් ඔබ වෙත ගෙන එනු ලබන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාණය සඳහා ද තාක්ෂණික දායකත්වය සැපයූවේ මෙම සමාගමයි.