3000 ක් ගෙනෙයි - 1000 ක් දමයි
October 10, 2012 03:08 pm
රාජ්‍ය ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා චීනයෙන් ගෙන්වීමට නියමිත බස් රථ 3000 න් 1000 ක් ලබන වසරේ මුල් කාලයේ දී ලංකා ගමනා ගමන මණ්ඩලයට එක් කරන බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
ශක්තිමත්, ක‍්‍රමවත් ප‍්‍රවාහන සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් අලුතින් බස් රථ 3000 ක් ආනයනය කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
බේරුවල, මත්සල, ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් කුමාර වෙල්ගම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බස් ආනයනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් කුමන ආකාරයෙන් තර්ජන එල්ල කළ ද ඒවාට මුහුණදීමට තමා සූදානම් බව ද කුමාර වෙල්ගම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.