කුණු ගොඩේ නරක් වු බිළිඳු මළ සිරුරක්

September 23, 2012   08:51 am

මහියංගනය, රිදීමාලියද්ද දඹගහවත්ත ප්‍රදේශයේ නිවසක් අසල කසළ ගොඩක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.

දුගඳක් වාහනය වීම පිළිබඳ සිදුකළ සොයා බැලීමකදී එම නිවස අලුත්වැඩියා කරමින් සිටි පිරිසකට අදාළ මළ සිරුර හමුවී ඇතැයි සඳහන්ය.

මේ පිළිබඳ මහියංගනය පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.