තැපැල් දුම්රියටත් අයෙකු බිලි

September 21, 2012   09:17 am

හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ පදික සංඥා කණුව අසල දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

ඊයේ (20) රාත්‍රී බදුල්ල - කොළඹ තැපැල් දුම්රියේ ගැටුණු අදාළ පුද්ගලයා හපුතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මිය ගිය පුද්ගලයා බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ.