සබඳතා පළුදු වෙන්න දෙන්න බෑ

September 21, 2012   08:03 am

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා පළුදුවීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තෙදින ඉන්දීය නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) පස්වරුවේ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා සමඟ පැවති හමුවක දී මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාතය ආචාර්ය මන්මොහන් සිං මහතා ද ඊයේ රාත්‍රී නිල ව‍ශයෙන් හමුවී ඇත.