SLIIT පාර්ශවකාර විදේශ විශ්ව විද්‍යාල නියෝජිතයින් හමුවීමට විවෘත ආරාධනයක්

September 18, 2012   04:32 pm

SLIIT ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව යන රටවල විශ්ව විද්‍යාල 16ක නියෝජිතයින් සහභාගි වන විවෘත දිනයක් සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ලබන සිකුරාදා උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා මාලඹේ SLIIT ආයතන පරිශ්‍රයේ පැවැත්වෙන මෙම විවෘත දිනයේදී බාහිර සිසුන්ට හා දෙමව්පියන්ට SLIIT ආයතනයේ පාර්ශවකරුවන් ලෙස ක්‍රියාකරන විශ්ව විද්‍යාල මගින් පිරිනමන උපාධි හා පහසුකම් පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත හැකියි.

පරිගණක, ව්‍යාපාර කළමනාකරණය හා ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපනය ලැබීම සඳහා SLIIT ආයතනය හරහා පිරිනමන අධ්‍යාපන අවස්ථා පිළිබඳව ඒ ඒ පාර්ශවකාර විශ්ව විද්‍යාල නියෝජිතයින් විසින් වැඩමුළු පවත්වමින් බාහිර සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත. SLIIT ආයතනය ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව යන රටවල සුප්‍රසිද්ධ හා පිළිගත් උසස් අධ්‍යාපන ආයතන රැසක් සමඟ එකට එක්ව ක්‍රියාකරන අතර Sheffield Hallam University, Southeast Missouri state university, Curtin University යන විශ්ව විද්‍යාලවල නියෝජිතයින් මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සඳහා සහභාගි වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය වන SLIIT පිරිනමන උපාධි සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේද අනුමැතිය ලැබී ඇත.