ඡන්දයෙන් තේරී පත්වූවන්ගේ නම් ගැසට් කෙරෙයි

September 18, 2012   09:56 am

පසුගියදා පැවති පළාත් සභා ඡන්ද විමසීමෙන් තේරීපත් වු නියෝජිතයින්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඊයේ (17) පස්වරුවේ අදාළ නම් ගැසට් කිරීම සඳහා ලබාදුන් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඡන්දයෙන් තේරී පත්වු මහජන නියෝජිතයින්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා ‍දිනයේ යි.

එහෙත් ජයග්‍රහණය කළ ඇතැම් පුද්ගලයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කළ බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

අදාළ තොරතුරු ලැබීමෙන් අනතුරුව උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගත් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.