නාවානම් බලාගන්න තිබුණා-අනුර සේනානායක

September 17, 2012   11:09 pm

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී පොලීසිය නිසි ක්‍රමවේදයට අනුව කටයුතු කළ බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසයි.

නිසි විමර්ශනයකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි බව අද (17) පැවති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේය.

අදාළ සැකකරුවන්ට පෙරවරු 8.00 ට කොම්පඤ්ඤවීදිය පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමට අනුව ඔවුන් පැමිණි සිටි බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

නියමිත වේලාවට නොපැමිණියේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා සිටි බවද අනුර සේනානායක මහතා සඳහන් කළේය.

මාලක සිල්වා ඇතුළු සැකකරුවන් කොම්පඤ්ඤවීදිය පොලීසියට භාරවීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.