බෑනා මාමා මරයි

September 15, 2012   02:28 pm

බුලත්කොහුපිටිය, පහල බෝගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගේ බෑනා යැයි කියන තැනැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

සැකකරු සිය බිරිඳ සමඟ තිබූ අමනාපයක් හේතුවෙන් ඇය සිය මව්පියන්ගේ නිවස වෙත ගොස් තිබේ.

එහිදී සිදුවූ බහින් බස්වීමකින් පසු සැකකරු විසින් බිරිඳගේ පියාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි සඳහන්ය.

පහරදීමෙන් 70 හැවිරිදි වියේ පසුවු අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (15) රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.