බිලි පූජාවලට සහභාගී වුවා යැයි කියන වාර්තා සාවද්‍යයි

September 14, 2012   01:30 pm

සත්වයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනවලට විරුද්ධ බව මහින්ද චින්තනයේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

හලාවත මුණ්නේෂ්වරම් කෝවිලේ පවත්වනු ලබන සත්ව බිලි පුජාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කරයි.

ඒ අනුව ඒ සඳහා කිසිඳු එකඟතාවකට පැමිණ නොමැති බව ඔහු එමගින් පෙන්වාදෙයි.

අදාළ බිලි පුජා අවස්ථා සඳහා තමන් ද කිහිපවරක් සහභාගී වු බව පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.

අදාළ කරුණ පිළිබඳ දැනට අධිකරණය හමුවේ විභාගයට ගැනෙන බැවින් ඒ පිළිබඳ තීරණයක් ලැබෙන තෙක් සිටින බව ද ඔහු පවසයි.

අදාළ බිලි පූජාව පැවැත්වීම හේතු කිහිපයක් මත කල් දැමීමට එම කෝවිලේ ප්‍රධාන පූජකවරයා ඇතුළු පාලක සභාව තීරණය කර තිබුණි.