කිඹුල් මිනිස් ගැටුමකට ඉඩ නොතබමු!

September 12, 2012   01:08 pm

වගකිය යුතු නිලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු නොවුනහොත් අලි මිනිස් ගැටුම හා සමාන කිඹුල් මිනිස් ගැටුමක් ඇතිවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මාතර නිල්වළා ගඟෙහි සිටින කිඹුලන් නිසා එම ගංගාව අවට ජනතාව දැඩි බියකින් පසු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ ගතවූ කාලය තුළ මිනිස් ජීවිත 5 ක් පමණ කිඹුලන්ට ගොදුරු වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී යම් යම් පියවර ගත යුතු බවට සාකච්ජා කළ ද මේ වන තෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

මෙම අනතුරුදායක තත්ත්වය සියළු වගකිය යුතු නිළධාරීන් තේරුම් ගත යුතු යථාර්තයක් බව හෙතෙම පෙන්වාදෙයි.

එම නිසා නිල්වළා ගඟෙහි කිඹුලන්ගෙන් වන හානියට කඩිනම් ක‍්‍රියාමාර්ග ගත යුතු බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.