ඔස්ට්‍රේලියාව 10 වන ස්ථානයට පසු බසියි

September 10, 2012   10:45 am

ඔස්ට්‍රේලියා‍ව මේ වන විට විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව 10 වන ස්ථානයට පත්ව තිබේ.

මේ දිනවල එක්සත් අරාබි එමිල් රාජ්‍යයේ පකිස්ථානය සමඟ පැවැත්වෙන තරගාවලිය පරාජයවීම මෙයට හේතුවී ඇති බව සඳහන්ය.

ඔස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර පැවති තරග දෙකෙන්ම ජයග්‍රහණය ලැබීමට මේ වන විට පකිස්ථානය සමත්ව ඇත.

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද (10) දිනයේ දී පැවැත්වීමට නියමිතය.