බිලි පූජාව නවත්තනවාද? නැද්ද? විභාග කිරීම කල්යයි

September 6, 2012   03:28 pm

හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ පවත්වන වාර්ෂික බිලි පූජාව අත්හිටුවන ලෙස ඉල්ලමින් හලාවත දිසා අධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම විභාග කිරීම ලබන 11 වෙනි දිනට කල් දමා තිබේ.

හලාවත දිසා අධිකරණයේ දී අද (06) නඩුව කැඳවූ අවස්ථාවේ‍ දී දිසා විනිසුරු ජගත් කන්දගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්ය.

පූජ්‍ය ඕමාරේ කශ්‍යප හිමියන් විසින් හලාවත පොලීසිය වෙත සිදුකර තිබූ පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අදාළ පෙත්සම අධිකරණය හමුවේ ‍ගොනුකර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සහ හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක මනෝජ් රණගල මහතා පෙනී සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.