නීතියෙන්වත් සත්ව බිලි පූජා බෑ

September 6, 2012   12:16 pm

නීතියේ පිහිට පැතීමෙන් හෝ රජය විසින් පනතක් සම්මත කිරීමෙන් හෝ වෙනත් කුමන ආකාරයකට හෝ දේවාල නාමයෙන් සත්ව බිලි පූජා පැවැත්වීමට ඉඩනොදෙන බව මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය,ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.



අවුරුදු 30 ක කාලයක් පුරා පැවති යුද්ධයකින් මේ රටේ ඇති තාක් ලේ වැගිරීම් සිදුව ඇති බව හෙතෙම කියා සිටියි.



මුන්නේශ්වරම් කාලි කෝවිලේ වාර්ෂික බිලි පූජාවට එරෙහිව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් විසින් ගොනු කර ඇති පෙත්සමකට අදාළව නඩු විභාගය අද (06) හලාවත දිසා අධිකරණයේදී පැවැත්වීමට නියමිතය.



එම අවස්ථාවට සහභාගීවීම සඳහා ගිය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හලාවතදී මේ බව කියා සිටියේය.