කාලි දේවාලයෙන් ලැබුණු තෑග්ග ඇමති මර්වින් විෂ්ණු දේවාලයට දෙයි

August 27, 2012   10:15 pm

වසර 40ක් තිස්සේ කාලී මෑණියන් වෙනුවෙන් අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන යන ජී.ඩබ්ලිව් හෙක්ටර් නැමැති පුද්ගලයකු විසින් ආසන 52කින් සමන්විත නව මගී බස් රථයක් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට ත්‍යාගයක් ලෙස භාරදී තිබේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් එම බස් රථය කැලණිය විෂ්ණු දේවාලයට භාරදෙන බවත් එය කැලණිය ජනතාවට පරිත්‍යාග කරන බවත් පවසා ඇත.

ඒ පිළිබඳව ඔහු මෙසේ පවසා තිබේ.

" වෙන කෙනෙක් නම් මේ වගේ බස් එකක් ලැබුණම රහසේ මාර්ග බලපත්‍රයක් ගෙන බස් එක ධාවනයට යොදවා සාක්කුව පුරවා ගන්නවා. නැති බැරි උපාසක උපාසිකාවන් වන්දනාවේ යනවා නම් හෙක්ටර් මහතා විසින් බස් රථයට ඉන්ධන ද ලබාදෙනු ඇති බවය යන්නයි"

මේ අවස්ථාවේ අදහස් දැක්වු හෙක්ටර් මහතා “තමා වයස අවුරුදු 9 සිට කාලී මෑණියන්ගේ පිහිටෙන් ජනතාවට සේවය කරන අතර වසර 40ක් තිස්සේ කාලී මෑණියන් වෙනුවෙන් මේ දේවාලය පවත්වාගෙන යන නමුත් කිසිම දිනෙක බිලි පූජාවක් පවත්වා නැති බව ද නමුත් දේව මෑණියන්ගේ පිහිට තමාට ඇති බවද“ පැවසුවේ යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.