බිලි පූජා එපා-මර්වින් කියයි

August 27, 2012   02:50 pm

හලාවත මුන්ණේෂ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ පැවැත්වීමට සූදානම් වන සත්ත්ව බිළිපූජාව සඳහා සතුන් ගෙන ඒමෙන් වළකින ලෙස අමාත්‍ය මර්වින් සිල්වා මහතා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

සැප්තැම්බර් පළමු වැනිදා උදෑසන කාලී කෝවිල ඉදිරිපිට සත්‍ය ක්‍රියාවක නිරත වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසයි.

පසුගිය වසරේ දී ද අහිංසක සතුන්ගේ දිවි බේරාදීමට තමන් ඉදිරිපත් වු බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් තමාට කිසිදු දේව සාපයකට මුහුණදීමට සිදුනොවු බව ඔහු අවධාරණය කරයි.

කෙසේ වුව ද අදාළ බිළි පුජාව සැප්තැම්බර් පළමු වැනි දින පවත්වන බව මුන්ණේෂ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලීමුත්තු ශිවපාක්‍යසුන්දරම් පූජකතුමන් අද දෙරණට පැවසීය.