විරෝධතා ආවට අපි නවතින්නේ නෑ

August 27, 2012   01:33 pm

විරෝධතා පැමිණිය ද හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී ‍දේවාලයේ වාර්ෂික සත්ත්ව බිලි පූජාව නිසි පරිදි සිදුකරන බව එම දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පූජකතුමන් පවසයි.

ඇතැම් පිරිස්වල බලපෑම් හේතුවෙන් සිය ආගමික වතාවත් නිසි පරිදි ඉටු කිරීම දුෂ්කර වී ඇති බව හෙතෙම සඳහන් කරයි.

ලබන පළමු ‍වැනිදා පැවැත්වෙන එම පූජාව පැවැත්වීම සදහා සහය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව ද කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පූජකතුමන් පැවසීය.

අදාළ බිලි පූජාව පැවැත්වීමට විරෝධය පළ කරමින් ඊයේ (26) දින සතයග්‍රහ ව්‍යාපාරයක් ද සංවිධානය කර තිබිණි.

මේ අතර සත්ත්ව බිලි පූජාව වැළැක්වීම සඳහා අධිකරණයේ සහය ලබා ගන්නා බව සත්ත්ව සුභසාධන භාරයේ නීතීඥ ලලනි පෙරේරා මහත්මිය සඳහන් කළාය.