ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට ඩො.මි 2.5ක්
August 18, 2012 04:27 pm
ලබන මස පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වියදම් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී තිබේ.
එම මුදල් හම්බන්තොට, පල්ලේකැලේ හා අර් ප්‍රේමදාස ක්‍රීඩාංගණවල පහසුකම් නංවාලීම සඳහා යෙදවීමට නියමිතය.
අදාළ මුදලට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ආධාරයක්, ඇමරිකානු ඩොලර් මිලියනයක ණයක් හා ප්‍රවේශපත්‍ර අලෙවිය සඳහා ඩොලර් මිලියනයක් ඇතුළත්ය.
පසුගිය ජූනි මස පැවැති සමුළුවකදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අදාළ මුදල ඉල්ලා ඇතැයි සඳහන්ය.
පන්දුවාර 20 යි 20 තරගාවලියේදි අපේක්ෂිත මුදලට වඩා අඩුවක් ඇති වුවහොත් ඒ සඳහා වැය කිරීමට එම මුදල ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා පවසා ඇත.
ඒ අනුව අදාළ මුදල් නව උපකරණ මිලදී ගැනීමට ( තණතිලි ආවරණ, වතුර ඉවත් කිරීමේ යන්ත්‍ර) සඳහා වැය කිරීමට අපේක්ෂිතය.
20 යි 20 තරගාවලිය සෙසු තරගවලට වඩා කාර්යබහුල බැවින් අදාළ උපකරණ සෑම ක්‍රීඩාංගණයක් සතුවිය යුතු බව මොහොමඩ් මහතා පෙන්වාදෙයි.
ඒ අනුව සෑම තරගයකටම යොදා ගනු ලබන ක්‍රීඩාංගණ පහසුකම්වලින් උපරිම ආකාරයට පවත්වා ගැනීම අරමුණ වී තිබේ.
මෙම තරගාවලියේදි ඇමරිකානු ඩොලර් මිලියන 2ක ආදායමක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහතික වී ඇත.
කෙසේ වෙතත් එවැනි ආදායමක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා පවසා තිබේ.
ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් උපයා ගැනීමට හැකි වෙතැයි විශ්වාස නොකරන බව නුස්කි මොහොමඩ් පවසා තිබේ.
මේ අතර අදාළ ණය මුදල 2015 වසර දක්වා ගෙවීමට අවශ්‍ය නැති බවද ඔහු සඳහන් කර ඇත.