කැනඩාව ත්‍රස්ත මුදල් ඉපයීමේ තෝතැන්නක් නෙවෙයි

August 17, 2012   04:08 pm

කැනඩාව යනු ත්‍රස්තවාදීන්ට මුදල් ඉපයීමේ තෝතැන්නක් නොවන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසයි.

තවද ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට කැනඩාව කිසි‍විටෙකත් සහය නොදක්වන බව හෙතෙම කියා සිටියේ අද දෙරණ හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

යුධ ගැටුම්වලින් පසුව ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත් වන බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ආයෝජකයින් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති මාලාවන් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් පවතින බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් බෲස් ලෙවී මහතා පවසයි.

ආයෝජකයින් සම්බන්ධයෙන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විනිවිද භාවයෙන් යුතු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කර සිටියේය.