ප්‍රදීප් කාරියවසම් ඉල්ලා අස්වෙයි

May 21, 2012   03:05 pm

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ බව අද‍ දෙරණ කළ විමසීමක දී ඔහු සඳහන් කළේය.

සිය ඉල්ලා අස්වීමට හේතු සඳහන්කරමින් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කළ බව ද ඉදිරියේ දී ඒ සම්බන්ධ තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කරන බව ද ප්‍රදීප් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යොදවා කොටස් වෙළඳපොළ හරහා පෞද්ගලික සමාගමක කොටස් ‍මිලදී ගැනීම තුළින් වංචාවක් සිදුකර ඇති බවට හිටපු සභාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.