ඔලිම්පික් විකාශන අයිතිය රූපවාහිනී සංස්ථාවට පමණයි
May 17, 2012 12:15 pm
ඉදිරියේ දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විකාශන අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හැර වෙනත් විකාශන සමාගමකට පැවරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
ඔලිම්පික් ක්‍රීඩා විකාශනය සම්බන්ධ අයිතිය තමන් සතුව පවතින පෙත්සම්කාර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවසයි.
එබැවින් එය වෙනත් ආයතනයක් වෙත පැවරීමට ආසියානු පැසිෆික් ගුවන්විදුලි සමාගම ගත් තීන්දුව නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් සඳහන් කරයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ලබන 31 වන දින දක්වා බලපැවැත්වෙන පිරිදි ආසියානු පැසිෆික් ගුවන්විදුලි සමාගම වෙත අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබේ.