ධීවරයාගේ හදිසි මරණය ගැන පරීක්ෂණ ඇරඹෙයි

May 17, 2012   11:55 am

ත්‍රිකුණාමලය මුහුදු තීරයේ බහුදින ධීවර යාත්‍රාවක සේවය කළ ධීවරයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය 11 වන දින ගාල්ල ධීවර වරායෙන් ධීවර කර්මාන්තය සඳහා පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි මෙම ධීවරයා ඊයේ(16) දිනයේ දී හදිසියේ මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය ත්‍රීකුණාමලය රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(17) සිදුකිරීමට නියමිතය.