හම්බන්තොට ඝාතන කිහිපයක් සිදුකළ වන අලියා අල්ලයි

May 17, 2012   11:46 am

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පසුගිය මාස කිහිපය තුළ පුද්ගල ඝාතන කිහිපයක් සිදුකළ වන අලියා අල්ලාගෙන තිබේ.

හම්බන්තොට වන ජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ(16) දිනයේ දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම වන අලියා නිර්වින්දනය කොට අල්ලාගෙන ඇති බව සඳහන්ය.

මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම වන අලියා නිර්වින්දනය කළ ද අල්ලා ගැනීමට වන ජීවි නිලධාරීන්ට හැකි වුයේ නැත.

අල්ලා ගත් මෙම වන අලියා අද(17) දිනයේ වන රක්ෂිතයකට ‍ගෙන යන බව හම්බන්තොට දිස්ත්‍රික් අඩවි වන ආරක්ෂක තුෂාර ඈපාගේ මහතා සඳහන් කළේය.