දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට

May 17, 2012   11:03 am

කුලියාපිටිය ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියක් ඇයගේ පියා විසින් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

අද (17) උදෑසන කුලියාපිටිය පොලිස් වසමේ නන්දන කොහුමෝල ප්‍රදේශයේ දී වයස අවුරුදු 12 ක් වූ බාල වයස්කාර දැරියක් ඇයගේ පියා විසින් මෙලෙස දූෂණය කර ඇති බව පොලීසියට වාර්තා වූ බව කුලියාපිටිය පොලීසිය ප්‍රකාශ කරයි.

සැකකරු වන වයස අවුරුදු 44 ක් වූ දැරියගේ පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (17) දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.