ඩෙංගු මර්දන සති තිබ්බත් රෝග මර්දනයක් හෝ පාලනයක් වී නෑ

May 17, 2012   10:49 am

දිගින් දිගටම ඩෙංගු මර්දන සති ක්‍රියාත්මක කළ ද ‍‍ඩෙංගු රෝගය මර්දනය කිරීමක් හෝ පාලනය වීමක් සිදු වී නොමැති බවට සමස්ත ලංකා සුවසේවා සංගම‍ය චෝදනා කරයි.

මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සිදුකළ හැකි කාර්යයක් නොවන බව එම සංග‍මයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා පළාත් පාලන ආයතන, පළාත් සභාවල මෙන්ම සියලු රාජ්‍ය ආයතනවල සහයෝගය අත්‍යවශ්‍ය බව කුමාරසිංහ මහතා කියා සිටියේය.

මේ වසරේ පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම සහ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.