සිසු මාරු තහනම දැනට පාසල්වලට ඇතුළු වී ඇති සිසුන්ට බලපාන්නේ නෑ
May 17, 2012 10:19 am
ජාතික පාසලක සිසුන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා තවත් ජාතික පාසලකට ඇතුළුවීම තහනම් කිරීමේ චක්‍රලේඛය මේ වසරේ දැනට පාසල්වලට ඇතුළු වී ඇති සිසුන්ට බල නොපැවැත්වෙන බව රජය පවසයි.
අදාළ චක්‍රලේඛය පිළිබඳව පාසල් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
එහෙත් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට අයදුම් කර අදාළ පාසලෙන් අස්වීම් සහතික ලබාගෙන ඇති සිසුන් සඳහා අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහෙත් ඉදිරියේ දී එම චක්‍රලේඛය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට සිසුන් ඇතුළත් වීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අදාළ චක්‍රලේඛය පසුගියදා නිකුත් කරනු ලැබීය.