හොර නෝට්ටු තොගයක් සමග සිව්දෙනෙකු කොටුවෙයි
May 17, 2012 09:46 am
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව, දෙමංහන්දිය ප්‍රදේශයේ දී මීගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 60 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
ව්‍යාජ මුදල් නෝට්ටුවලට අමතරව ඒවා මුද්‍රණය කිරීම සඳහා යොදාගත් උපකරණ ද සොයාගත් බව මීගමුව පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරුවන් කුරුණෑගල, මීගමුව, කොච්චිකඩේ සහ කටාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(17) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.