සයුරෙන් එතෙර

බටහිර ලිබියාවේ ගැටුමකින් 7 දෙනෙකු මරුට

May 17, 2012   09:42 am

බටහිර ලිබියාවේ කාන්තාර ප්‍රදේශයක සිදුවූ ගැටුමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.

ගැටුමින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආයුධ සන්නද්ධ පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව ලිබියානු රජයේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විශේෂ යුද හමුදා බල ඇණියක් යොදවා තත්ත්වය පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිබියානු හිටපු ජනාධිපති කර්නල් මුවම්මර් ගඩාෆිගේ පාලනයෙන් පසු එරට සන්නද්ධ කණ්ඩායම් තවදුරටත් මෙලෙස ගැටුම් ඇතිකරමින් සිටින බව ලිබියානු රජය පවසයි.