ඩෙංගු රෝගීන් කඩිනමින් හඳුනාගැනීමට නව ක්‍රමයක්
May 17, 2012 09:36 am
ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
ඒ සඳහා දැනටමත් පරීක්ෂණ පවත්වමින් සිටින බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය.
ඉදිරියේ දී අදාළ ක්‍රමය මෙරට රෝහල්වලට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය අනිල් සමරනායක මහතා ප්‍රකාශ කළේය.
රෝගියෙකුගේ රුධිරය පරීක්ෂා කළ විට ඩෙංගු රෝගය පවතී දැයි තහවුරු කිරීමට දින ගණනාවක් ගතවීම දැනට ඩෙංගු රෝගය විනිශ්චය කිරීමේ පවතින ගැටලුවක් බව අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වාදුන්නේය.
අදාළ ක්‍රමය හඳුන්වාදීමෙන් පසු රෝගය විනිශ්චය සම්බන්ධව දැනට පවතින පමාව වළක්වාගත හැකි බව ද වෛද්‍ය අනිල් සමරනායක මහතා ප්‍රකාශ කළේය.