හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් ජුනි 2 දා සමාජගත කෙරෙයි

May 17, 2012   09:04 am

පුනරුත්ථාපනය වූ තවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් ජුනි මස 2 වැනි දින සමාජගත කරන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ඒ යටතේ පුද්ගලයින් 54 දෙනෙකු සමාජගත කිරීමට නියමිත බව එම අමාත්‍යාංශ ලේකම් ඒ.දිසානායක මහතා සඳහන් කළේය.

අධිකරණ නියෝග මත වසරක කාලයක් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වූ 54 දෙනෙකු මෙලෙස සමාජගත කරන බව දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට පුනරුත්ථාපනය වෙමින් සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 680 දෙනා අතරින් 54 දෙනෙකු මෙලෙස සමාජගත කෙරෙන බව ද අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.