නාරාහේන්පිට දී මෝටර් රියක තිබී පිළිස්සුණු සිරුරක් හමුවෙයි

May 17, 2012   08:25 am

නාරාහේන්පිට උද්‍යාන මාර්ගයේ ගිනිගත් මෝටර් රථයක තිබී පිළිස්සුණු සිරුරක් සොයාගෙන තිබේ.

අද(17) අලුයම මෙම සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මෝටර් රථය අසල තිබූ තාප්පයක ගැටීමෙන් අනතුරුව ගිනි ගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.