සුපිරි හෝටලයේ 5 වන මහලින් ඇද වැටුණු විදේශිකයා මරුදකියි
May 16, 2012 11:00 pm
කොළඹ,චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත පිහිටි සුපිරි හෝටලයේ 5 වන මහලෙන් වැටී විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද පෙ.ව 9.45 ට පමණ ඇද වැටී ඇති මොහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දහවල් 2.45 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මරුමුවට පත්ව ඇත්තේ ජොන් එඩ්වින් කොල්ස්ටන් රයන් නමැති 46 හැවිරිදි අමෙරිකානු ජාතික පුද්ගලයෙකු බව පොලීසිය කියා සිටියි.
කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.