Hutch නවතම ශාඛාව නුගේගොඩට

May 16, 2012   10:01 pm

Hutch Shop සංකල්පයට අනුව නුගේගොඩ නගරයේදී Hutch Shop කාර්යාලයක් විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතාගේ ප‍්‍රදානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.

නුගේගොඩ පරණ කැස්බෑව පාරේ අංක 571/1 දරණ ස්ථානයේදී විවෘත කරන ලද Hutch Shop කාර්යාලයට Hutch ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ආනන්ද් ප‍්‍රකාශ් මහතාත් අලෙවි සාමාන්‍යාධිකාරී අතුල දිසානායක මහතා ඇතුළු අංශ ප‍්‍රධානීහු සහභාගීවූහ.

Hutch පාරිභෝගිකයින්ට අවශ්‍යය සියලුම පාරිභෝගික සේවාවන් (SIM හා Dongle ලබාගැනීම, පාරිභෝගික ගැටළු නිරාකරණය ලබාදීම අරමුණු කර නුගේගොඩදී විවෘත කරනු ලැබුවේ 19 වන Hutch Shop කාර්යාලයයි.

මේ අතර පසුගියදා ගාල්ල වක්වැල්ල පාරේදීද Hutch Shop කාර්යාලයක් විවෘත කෙරිණි. එම විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා සහභාගී විය.