මාරවිල විනිසුරුගේ නිල නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්-හානියක් නෑ
May 16, 2012 09:33 pm
මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාගේ නිල නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.
අද රාත්‍රී 8.35 ට පමණ මාරවිල,ලංසිගම පිහිටි විනිසුරුවරයාගේ නිල නිවසට මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වුවත් එකී අත්බෝම්බය පුපුරා ගොස් නැති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම අත්බෝම්බය වීසි කළ බවට විනිසුරු නිවසේ ආරක්ෂකයා පොලීසියට කටඋත්තර ලබාදී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.