අත යටින් ගාණ ගනිද්දී ප්‍රා.ලේට වැඩවරදියි
May 16, 2012 06:12 pm
අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අලවතුගොඩ, අරඹෙපොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ දී මොහු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
අදාළ ව්‍යාපාරිකයාගේ නිවසේ දී මෙම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
ගල්කොරියක් පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයාට ඒ සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර සඳහා නිර්දේශ ලබාදීමට සහ අදාළ ගල්කොරිය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය අවසරය ලබාදීමට මෙම රුපියල් 50,000ක මුදල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉල්ලා තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය ලේකම්වරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර හෙට දිනයේ ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.