වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩයි
May 16, 2012 05:44 pm
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළ සංචාරයක දී ගොවීන් විසින් තවදුරටත් වී මිලදී ගන්නා ලෙස ඉල්ලීම් කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වී අලෙවි මණ්ඩලය හරහා තවදුරටත් වී මිලදී ගැනීමට කටයුතු කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පෙන්වාදෙයි.
මෙවර මහ කන්නයේ දී මිලදී ගෙන ඇති සම්පූර්ණ වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 104267 ක් වන අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2936ක් බව සඳහන්ය.
එහිදී වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වාදෙයි.