බලපත්‍ර නොමැතිව වැලි ගොඩදමමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

May 16, 2012   03:17 pm

බලපත්‍ර නොමැතිව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොතුවිල්, සෙන්ගමුව වැව,ගනේෂපුල්ලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා ආරුගම්බේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොතුවිල් ප්‍රදේශයේ ම පදිංචිකරුවන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කරයි.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල් පොලිසියට භාරදී ඇත.