හෙරොයින් ජාවාරමේ නිරතව සිටි අයෙක් අත්අඩංගුවට

May 16, 2012   03:13 pm

හෙරොයින් ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙක් කැස්බෑව, බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් ග්‍රෑම් 25 ක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.