රක්ෂිතය එළි පෙහෙළි කළ දෙදෙනෙක් දැලේ
May 16, 2012 02:10 pm
සියඹලාණ්ඩුව, බක්මිටියාව, තිඹිරිගොල්ල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී කැලෑව එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බලකා දණගිරිය කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
මොවුන් කැලෑ එළිපෙහෙළි කිරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලාහුගල අඩවි වන කාර්යාලය වෙත භාරදී ඇති බව සඳහන්වේ.