යුද බිමේදී පවා අප කටයුතු කළේ ධර්මානුකූලවයි-වි.ජ.මු කියයි
May 16, 2012 01:20 pm
මව්බිම වෙනුවෙන් දිවි පිදු අඟ පසඟ දන්දුන් අපේ රණවිරුවන්ට කළ හැකි හොඳම උපහාරය නම් වැඩ පොළේ කම්හළේ, පාසලේ මේ හැම තැනකදීම අපි"අපේ යුතුකම් අකුරටම ඉටු කිරීම"පමණකැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පවසයි.
අද (16) රත්නපුර නවනගරයේ රණවිරු ස්මාරකය අබියස පැවති සබරගමුව පළාත් රණවිරු උළෙල අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මවුබිම වෙනුවෙන් දිවි පිදු සබරගමුවේ රණවිරුන් 2963 දෙනෙකු සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අබියස අණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර, මහ ඇමති මහීපාල හේරත්, සභාපති රංජිත් බණ්ඩාර යන මහත්වරු පළමුව පුෂ්පෝහාර දැක්වීමෙන් අනතුරුව රණවිරුවන් ගේ ඥාති මිත්‍රදීන් මෙහිදී සිය ප්‍රණාමය පුද කළහ.
සබරගමුව පළාත් සභාව, රණවිරු සේවා අධිකාරිය සමග එක්ව සංවිධානය කළ මෙම පළාත් උළෙල ත්‍රිවිධ හමුදා උත්තමාචාර මෙන්ම ආගමික වතාවත්වලින්ද සමන්විත වූ බව සඳහන්ය.
මෙහිදි ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා මෙසේද කියා සිටියේය.
මාතෘ භූමිය ත්‍රස්තවාදින්ගේන් මුදා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ සේනාධිනායකතුමා අපේ රණවිරුවන්ට අද්වීතිය නායකත්වයක් ලබාදුන්නා. කෙනෙකු සතු උතුම්ම වස්තුව ජීවිතයයි. අපේ රණවිරුවෝ ඒ උතුම් වස්තුව පවා තම මවුබිම වෙනුවෙන් පුදකළා. ඒ ණය කොතෙක් මල් පිදුවත් ගෙවිය හැක්කක් නොවේ. අප මේ විඳින සැනසුම රණවිරුවන්ගේ අනන්ත අප්‍රමාණ පරිත්‍යාගවල ප්‍රතිඵලයි. අපට ඒ ණය ගෙවිය හැක්කේ කම්හළේ, වැඩ පොළේ, පාසලේ මේ හැම තැනකදීම අපි අපේ වැඩ කොටස යුතුකම් අකුරටම ඉටු කිරීමෙන් පමණයි.
දුටු ගැමුණු, මහා පරාක්‍රමබාහු, විජයබාහු, හයවන පරාක්‍රමබාහු, කැප්පෙටිපොළගේ පටන් වර්තමාන අපගේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා දක්වා සිදු කළේ සතුරන්ට එරෙහිව වුව ධාර්මානුකුල යුද්ධයක්. නන්දිකඩාල් ගැන, පුදුමාතලන් ගැන කතා කරන උදවියට අප සිහිපත් කරන්න කැමතීයි අප යුධ බිමේදි පවා කටයුතු කර ඇත්තේ ධර්මානුකූල යුක්තිගරුක පිළිවෙතක පිහිටා බව.
මේ එළඹ ඇත්තේ පශ්චාත් යුධ සමයයි.අපි අපේ හදවත් කරුණා දයාවෙන් පුරවා ගත යුතුයි. වෛරය ,ක්‍රෝධය වැපිරෙන සාමයට අවහිරවන වචනය කුදු නොදෙඩිවිය යුතු යුගයක්මේ. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි එදා රණවිරුවන්ට නායක්වය දුන් මහා පුරෂයින් මෙදා රට ආර්ථික වශයෙන් නංවාලිමට සදාචාරය තහවුරු කිරිමට නායකත්වය ගෙන සිටිනවා. අපිදු එම උදාර කටයුත්තට දායක වෙමු" යැයි සබරගමුව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට පළාත් සභාවේ සභාපති රංජිත් බණ්ඩාර, ප්‍රධාන ලේකම් එච්.පි. කුලරත්න, ආණ්ඩුකාර ලේකම් බී.ඒ. නාගසිංහ, රත්නපුර දිසාපති සුනිල් කන්නංගර, 113 බලසේනාධිපති ඒ.පි.අයි. ප්‍රනාන්දු, සබරගමුව ජ්‍යේෂ්ඨ පොලිස්පති අශෝක විජේතිලක යන මහත්වරුද සහභාගිවුහ.