බස්නැවතුම්පළේ ස්ථානභාර නිලධාරියා පගාව ගනිද්දී හසුවෙලා

May 16, 2012   01:03 pm

අල්ලස් ලබාගැනීමේ‍ චෝදනාවක් මත අක්කරෙයිපත්තුව පෞද්ගලික බස්නැවතුම්පළේ ස්ථානභාර නිලධාරීවරයා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (16) පෙරවරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම සඳහන් කරයි.

මෙම නිලධාරියා විසින් මාසික මාර්ග ධාවන බලපත්‍ර අත්සන් කරදීම සඳහා අල්ලස් ලබාගන්නා බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව මෙම ස්ථානභාර නිලධාරීවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු අද (16) අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම වැඩිදුර පරීක්ෂණ පවත්වයි.